image

ණය

ඔබගේ සුවිශේෂී මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන්ම හඳුන්වා දී ඇති අපගේ ණය යෝජනා ක්‍රමයන් දැන් ඔබටත් අත්විඳිය හැකියි

kedella-housing-loan

කැදැල්ල නිවාස ණය

කැදැල්ල නිවාස ණය සමඟ ඔබේ සිහින සැබෑ කර ගන්න. ඔබේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිර්මාණය කර ඇති කැදැල්ල නිවාස ණය ඔබට පහසු අසමසම නම්‍යශීලී මූල්‍ය විසඳුමක් ලබා දෙනු ඇත. ආකර්ෂණීය පොලී අනුපාතයන් යටතේ හඳුන්වා දී ඇති කැදැල්ල නිවාස ණය ඔබේ සිහින නිවහන සැබෑවක් කර ගැනීමට මෙන්ම නිවාස සම්බන්ධ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේ කදිම විසඳුම වනු නිසැකය
  • නිවසක් මිලදී ගැනීම
  • නිවසක් ඉදි කිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම
  • නිවසක් ඉදිකිරීම
  • නිවසට අලුතින් කොටසක් එකතු කිරීම
  • අඩක් නිමකළ නිවසක් සම්පූර්ණයෙන් ඉදි කිරීම
  • ජල,සනීපාරක්ෂක හා විදුලිය පහසුකම් සපුරා ගැනීම
  • පවතින නිවාස ණයක් පියවීම
shrama-udana-loan

ශ්‍රම උදාන ණය

සේවා යෝජක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයින්ගේ නිවාස අවශ්‍යතා සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ශ්‍රම උදාන ණය විශේෂයෙන් නිර්මාණය කර ඇත. ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට මෙන්ම ජීවන තත්වය ඉහළ නංවා ගැනීමටද ශ්‍රම උදාන ණය කදිම අවස්ථාවක් වනු ඇත.
sirisara-housing-loan

සිරිසර නිවාස ණය

නිවසට අවශ්‍ය ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ හෝ සුවපහසු ජීවිතයකට අවැසි පහසුකම් ඉහළ නංවා ගැනීම සඳහා හඳුන්වා දී ඇති HDFC සිරිසර නිවාස ණය ඔබට වඩා හොඳ ජීවිතයක් උරුම කර දෙන අතරම නිවසට අසිරියක් එක් කරමින් ඔබේ ජීවිතයට සතුට කැන්දන් එනු ඇත
  • ගෘහ උපකරණ මිලදී ගැනීම සඳහා
  • ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා
  • බැංකුව විසින් අනුමත කරනු ලබන සුවපහසු ජීවිතයක් සඳහා අවැසි ඕනෑම වියදමක් සඳහා
hdfc-guarantor-loan

HDFC ඇපකරු ණය

රැකියාවක නිරත පුද්ගලයින් හට අරමුදල් සපයා ගනිමින් සාධාරණ ආපසු ගෙවීමේ කාල සීමාවන් මෙන්ම තරඟකාරී පොලී අනුපාතයන් භුක්ති විඳීමේ අවස්ථාව HDFC ඇපකරු ණය තුලින් හිමි වේ.

ණය මුදල

  • රුපියල් මිලියනයක් දක්වා

ආපසු ගෙවීමේ කාලය

  • වසර 5ක් දක්වා
hdfc-development-and-corporate-loan-scheme

සංවර්ධන ණය යෝජනා ක්‍රමය

අපගේ සුවිශේෂී සවර්ධන ණය යෝජනා ක්‍රමය තුළින් සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන්ගේ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන්ට ශක්තියක් වන්නට අපි කැපවී කටයුතු කරමු. ඉතා උනන්දුවෙන් ව්‍යාපාරයන්හි නිරත වන ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, ආර්ථික ශක්තිය ඉහළ නැංවීම හා රට පුරා දියුණු ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණයි.
  • සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර මෙහෙයුම් ඉහළ නැංවීම සඳහා ඔවුන් බල ගැන්වීම
  • ඵලදායීතාව ඉහළ නැංවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික සංවර්ධනයට දායක වීම
hdfc-green-personal-loan

HDFC Green Personal Loan

Take a step towards a sustainable future with the HDFC Bank Green Personal Loan. Designed to support your eco-friendly lifestyle, this loan helps you finance renewable energy solutions, energy-efficient home upgrades, electric vehicles, and other green initiatives.With competitive interest rates, flexible repayment plans, and quick processing, you can make your green dreams a reality while contributing to a healthier planet.

Loan Amount

  • Up to Rs. 2 million.

Repayment Period

  • Up to 5 years.